president-reply-mahanayaka

රටේ පවතින ගැටලුවට විසඳුම් නොදී ජනතා විරෝධතා මර්දනයට ආණ්ඩුව තවදුරටත් කටයුතු කරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු පසුගිය 20 වනදාතම ලිපියකින් ජනපතිවරයාට දන්වා සිටියහ.




ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත යැවූ  පිලිතුරු  ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටියේ, අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි.
එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුධකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.
කෙසේ වෙතත් ජනපතිට නාහිමිවරුන් යැවූ ලිපියේ තාවකාලික විසඳුම් වැඩක් නැතැයි පැහැදිලිව දන්වා ඇත.
ජනපතිට පිලිතුරු ලියන්නට සිදුවූ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් තිදෙනා විසින් ඒකාබද්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.