new-cabinet-sworn-in


11 am update
පසුගිය සතියේ 4 දෙකෙකු නම් කර ඊට දින දෙකකට පසු දිවුරුම් දෙන්නට නියමිතව සිටි කැබිනට් මන්ඩලය මෙම සතියට කල්දැමුණ අතර අද දින වාර්තාවන්නේ එය නැවත සතියකින් කල්දමා ඇති බවයි.



නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් ගොස් ඇති බවත් ඒ අනුව මෙම සතියේදී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමක් සිදු නොවෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අමාත්‍ය මණ්ඩලය සඳහා සිදුකරනු ලබන පත්වීම් සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවත් ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම බොහෝ වීට සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුවෙනු ඇති බවද වාර්තා වේ.

8am update

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (11) 15ත් 25ත් අතර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත අතර එහිදී දන්නා හඳුනන සහ ජ්‍යෙෂ්ඨ මුහුණු කිහිපයකට අමාත්‍ය ධූර පිරිනැමීමට නියමිතයි.




ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන සහ ප්‍රසන්න රණතුංග නව කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමට නියමිතයි.

සිය කැබිනට් අමාත්‍යවරුන් සමූහ වශයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතුවල නීත්‍යානුකූලභාවය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මින් ඉහත අවම වශයෙන් අමාත්‍යවරුන් හතර දෙනෙකු නම් කළේය.

පූර්ණ ස්ථීර අමාත්‍ය මණ්ඩලයක් පත් කරන තුරු රජයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා නව පත්කිරීම් සිදුකරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ.