duleeka-marapana-apology

පසුගියදා දියත උයන විරෝධතාවයක් අතරතුර මාධ්‍ය කණ්ඩායමක් අමතා ටෙලි නිළි දුලීකා මාරපන පිළිතුරු සපයමින් සිටියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කී දෙයක් ගැන මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඇය එක්වරම කියා සිටියේ ‘ජොන්ස්ටන් හිතන් ඉන්නෙ අපි හැමෝම අතුල වගේ අය කියලා‘ යනුවෙන් පැවසුවාය. ඇය ඊට වැඩි විස්තරයක් කළේද නැත.


එම කියමනම ඇය කියන්නට පෙර ඒ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබූ පෝස්ටුවකින්ද පළවී තිබුණි.


ජොන්ස්ටන් ප්‍රනාන්දු ජන අරගලයට විරුද්ධව කථාකරන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව ඇති මොහොතක ඇගේ ආවේගය එලෙස පිටවූවා විය හැකිය. ‘අපි හැමෝම අතුලලා‘ යන කියමනෙන් නොකියා කියැවුනේ තමන්ගේ ගෑනිව උස්සන් ගියත් කරබා සිටින මිනිසෙකු ගැන යයි ඉඟි කෙරේ.

එලෙස ජොන්ස්ටන් ඇමතීම අවස්ථාවේ හැටියට සැර වැඩි නැත. නමුත් මෙම නම් පාවිච්චි කිරීම නිසා වෙනත් ‘දිගු කථාන්දරයක්‘ ගැන අවධානය යොමු කරවයි. එහි චරිත වලට මේ මොහොතේ හඬක් නැති නිසා සිදුවන අපහසුතාවයට වගකියන්නන්ද නොසිටී.

මෙම සිදුවීමෙන් පසු කාවින්ද්‍යා අදිකාරි විසින් පළකර තිබූ Post එකකට සමිතා මුදුන්කොටුව මහත්මිය Comment එකක් දමා තිබුණි.
ඇයගේ පවුල සම්බන්ධයෙන් සමාජයේ ඇති මතය පිළිබඳවයි. එය මෙසේය.





කෙසේ වෙතත් ‘අතුල අදිකාරි‘ගේ නම ඇඳා ගනිමින් දුලීකා සිදුකළ ප්‍රකාශය ගැන ඇය පසුව ෆේස් බුක් ඔස්සේ සටහනක් තබා ඇත. සිත රිදුණා නම් සමාවන්න යයි ඇය පැහැදිලි කරන්නීය.

දුලීකා මහත්මියගේ සැමියා වන සුජීව ප්‍රියලාල් සමග අතුල අදිකාරි මේ දිනවන විකාශය වන ‘දිවිතුරා‘ ටෙලි නාටකයේද රංගනයෙන් එක්ව කටයුතු කරන අතර ඔවුන් ක්ෂේත්‍රයෙහි මිතුරන්ය.
දුලීකාගේ සටහන පහතින්