mahinda-rajapaksa-speech

පවතින අර්බුදකාරී වාතාවරණය තුළ ජනතාවට සන්සුන්වන්නැයි දන්වන්නට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට ජාතිය ඇමතීමට නියමිතය.


ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පතුරුගසමින් විවේචනයට ලක්වන අවස්ථාවක ජනපතිවරයා යළි ජාතිය ඇමතීමට උත්සාහයක යෙදුනොත් එය මිනිසුන් තවත් කුපිත කරවන්නක් විය හැකි බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දන්වා ඇති අතර

රාජපක්ෂවරුන්ගෙන් ජනතාව මෙම අවස්ථාවේ යම් තරමකට හෝ ඇහුම්කන් දෙන නායකයා බවට මහින්ද රාජපක්ෂ නම් කළ හැකි බැවින් ඔහුට ජාතිය අමතා යමක් ප්‍රකාශ කිරීම උචිත බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දන්වා තිබේ.
කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාට ඊයේ (10) මෙම ඉල්ලීම කර ඇති අතර ඔහුට ධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයිද දන්වා ඇති මනිත්‍රීවරුන්  අගමැතිතුමන්ට ජාතිය අමතා ප්‍රකාශ කළ හැකි විකල්ප අදහස් ගැනද සාකච්ඡා කර ඇත.

‘සන්සුන්වන්න අප මේ ප්‍රශ්න ඉක්මනින් විසඳනවා‘ වැනි පිටපතක් ඔස්සේ ජනතා ආදරය දිනාගත හැකි කතාවක් කරන්නැයි ඉල්ලා ඇතැයිද වාර්තාවේ.
මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ අක්‍රීය මට්ටමකට පැමිණි නායකයෙකු බව මීට ඉහත විමල් වීරවංශ මන්ත්‍රීවරයා හඳුන්වාදී තිබූ අතර වයෝවෘද්ධ ඔහුට පවතින තත්වය ගැන හරි අවබෝධයක් නැතැයිද දන්වා තිබුණි.