
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී.
11.40 pm
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සිය සියලුම ධූරවලින් ඉල්ලා අස්වන බව දන්වා සිටියේය.
11.20pm
අද (3) රාත්‍රී පැවති කැබිනට් රැස්වීම අතරතුර ඇමතිවරු රැසක් සිය ධූර වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර
මුලින්ම වාර්තාවන්නේ අගමැති පුත් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති හා සියලු අනෙක් ධූරවලින් ඉල්ලා අස්වූ බවය.
11.18 pm
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙන බවට අද පස්වරුවේ වාර්තා වුවද ජොන්ස්ටන් ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්නොවන ලෙස දැඩි ඉල්ලීම් කර ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval