dinesh-after-resign-letter

අද (3) රාත්‍රී පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන එහිදී ලබාගත් තීරණ ගැන මෙසේ කීවේය.




‘රටේ තත්වය සාකච්ඡා කළා. ජනතාවගේ තිබෙන ප්‍රශ්නත් අද සාකච්ඡා කළා. ඒවගේම අගමැති තුමාගෙ අතට අද අපි බාර දුන්නා අපේ ඉල්ලා අස්වීමේ කැමැත්ත පිලිබඳ ලිපි.අපි සියලු දෙනා ඉල්ලා අස්වෙන්න තීරණය කරා.ඒ අනුව ජනපතිතුමා එක්ක එතුමා සාකච්ඡා කරලා ඉදිරි පියවරක් ගනීවි.
තෙල් හා විදුලිය සම්බන්ධ පවතින ප්‍රශ්න සියල්ල මේ සතියේ මුල් දවස් දෙක තුළ සහනයක් ඇති කරන්න කතා වුණා.‘