monday-curfew-not-extend

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය සඳුදා (4) පෙරවරු 6න් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රාත්‍රී 9.30 ට පමණ පැවසුවේය.




සෙනසුරාදා පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා රජය දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවේය..
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිවේදනය කළ පරිදි සඳුදා උදෑසන ඇඳිරි නීතිය ඉවත් කරන බවයි.

හදිසියේ පැනවූ ඇඳිරි නීතිය දේශපාලන බලය රැකගැනීමේ උවමනාවෙන් කළ එකක් බවටත් මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට පවතින ආර්ථික ගැටලු හමුවේ තවත් අපහසුතා මතු කළ බටත් විවේචන පැවතිණි.

මේ අතර අද සවස ඇඳිරි නීතිය නොතකා දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා කිහිපයක් ක්‍රියාත්මක විය.