mirihana-riots-parliament-vijitha-nissanka

පසුගියදා සාමකාමී විරෝධයක් අතරට ප්‍රචණ්ඩ පිරිසක් පැමිණි බවට සැක මතුවූ මිරිහාන ජනාධිපතිවරයාගේ නිවස වටකළ උද්ඝෝෂණය සඳහා ඇවන්ගාඩ් සභාපති පවුල් පිටින් 200ක් බැස්සවූ බව ඔහු ප්‍රකාශ කර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පාර්ලිමේන්තුවේ දී කීවේය.





මෙම උද්ඝෝෂණයේදී ජුබිලි කනුවේ සිට මිරිහාන තෙක් අතදරු අම්මලාද සමග සාමාන්‍ය ජනතාව ගමන් කළ සෙයක් දිස්වූ නමුත් අසාමාන්‍ය ලෙස හෙල්මට් පැළඳි පිරිසක් පසුව එක්ව සිටි බවත් බස් රථ ගිනිතැබීම හා ගල් ගැසීම කළේ ඒ අය බවත් චෝදනා තිබිණි.
මේ හේතුවෙන් සාමකාමී උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්නට හේතු සකස් කළේ පිටස්තර පිරිසක් බවද කියැවිණි.



විජිත හේරත්  පැවසුවේ මෙම උද්ඝෝෂණය ඇවිලෙන අවස්ථාවේ දී  ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා තිබූ බවත් එම රැස්වීමට නිශ්ශංක සේනාධිපතිත් සහභාගී වී සිටි බවත් ඔහු එහිදී ‘බයවෙන්න එපා 200 ක් බැස්සුවා‘ යයි ආරක්ෂක ලේකම්වරයාට තහවුරු කිරීමක් කළබවත්ය. මෙම කරුණු වගකීමකින් පවසන බවද විජිත හේරත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කීවේය.‍

නිශ්ශංක සේනාධිපති මේ වනවිට ලංකාව අතැර ගොස් සිටියි.