mirihana-cid-investigation

මිරිහානේ ඇතිවූ කලහාකාරී සිදුවිම ජනපතිට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී මහජන විරෝධයක් නොව අන්තවාදීන් සුළු පිරිසක් එක්ව සිදු කළ කඩාකප්පාල්කාරී ක්‍රියාවක් ලෙස රජය අර්ථ ගන්වා ඇතිඅතර මේ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.



පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවය. මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින කාන්තාව ඇතුළු සැකකරුවන් 54 දෙනා මිරිහාන පොලීසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවද වාර්තාවිය.

මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් ගණනාවක් ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලට ලක්ව ඇති අතර ඇතැම් අය අත්අඩංගුවටද පත්විය. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබුණි.


 අද දෙරණ කොළඹ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රරතිකාර ලබන අතර නිදහස් වීඩියෝ මාධ්‍යවේදී සුමේධ සංජීව පොලිස් අත්අඩංගුවට පත්ව අද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇත. නුගේගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහද පොලිස් පහරකෑම්වලට ලක්ව තුවාල ලබා තිබුණි.