මෙවර අප්‍රෙල් වසන්ත සමය වෙනුවෙන් අද (1) දින නුවර එළිය වසන්ත උදාන සැනකෙළිය විවෘත කරන්නට යෙදුණ අතර මෙම මාසය අග දකවාම පැවත්වෙන සැනකෙළිය නතර කරන ලෙස ඉල්ලා මහජන විරෝධතාවක් පැනනැගී ඇත.


අද දින නුවර එලිය නගරාධිපතිවරයා උත්සව භූමිය විවෘත කරන අවස්ථාවට කඩාවැදුණ පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ බාධක බිදගෙන භූමියට ඇතුළුවී 'හොරා හොරා මහින්ද හොරා' කියමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නම කියමින් විරෝධය පළ කළ අතර අද දින උත්සවයට ශිරන්ති රාජපක්ෂ අගමැති ආර්යාව සහභාගීවන ආරංචිය නිසා එම පැමිණීම මෙන්ම උත්සවයද නතර කරන ලෙස ඉල්ලා විරෝධය පළ කර තිබේ.
වාර්ෂිකව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වන නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයේ සමාරම්භක උළෙලටද ජනතාව පැමිණ විරෝධය දැක්වූ සිදුවීමක් මින් ඉහත වාර්තා විය.




mass protest against Arya Shiranthi coming to Nuwara Eliya Wasantha Udanaya