
මිරිහාන ජනාධිපති නිවසට යන මාර්ගය ඔස්සේ ඊයේ (31) රාත්‍රියේ පැවති විරෝධතාවය ගැන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කළේ, දැන් ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් කතාකරන දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඇතැම් පිරිස් එම විරෝධතාවයේදී ප්‍රචණ්ඩත්වය ඇති කළ අය බවයි.
“අපි දන්නවා ජවිපෙ සාමාජිකයන් සම්බන්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජාතික ලැයිස්තු දේශපාලනඥයකු විරෝධතාවයට පැමිණ සිටි බවට අප සතුව සාක්ෂි තිබෙනවා” යැයි අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සාමකාමී විරෝධතාවක් “අන්තවාදීන්” පාලනය කර ගත් බවත්, පිරිස විසුරුවා හැරීම සඳහා අවම බලය යෙදවීමට රජයට සිදු වූ බවත්ය.
"ප්‍රචණ්ඩත්වයෙන් කවුරුන් හෝ මිය යනු ඇතැයි උසිගන්වන්නන් බලාපොරොත්තු වූවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval