milk-powder-price-hike

ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරීපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා  පැවැසීය.  කිරිපිටි සඳහා පාලන මිල ඉවත් කර ඇති නිසා කිරිපිටි සමාගම්වලට අභිමතය පරිදි මිල ඉහළ දැමිය හැකි බව කී අශෝක බණ්ඩාර මහතා,

කිරිපිටි මිල කොපමණ මුදලකින් ඉහළ යන්නේ ද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද සඳහන් කළේය.  කිරිපිටි කිලෝවක් රුපියල් 800ත් 1,000ත් අතර මුදලකින් ඉහළ යනු ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන්  කරයි.

මේ අතර, මේ වනවිට වෙළෙඳපොළේ කිරිපිටි දැඩි හිගයක් පවතින අතර, වෙළෙඳසල්වල කිරිපිටි රාක්ක හිස් බව ජනතාව පවසති. මෙරට කිරිපිටි ඉල්ලුමෙන් අඩකටත් වඩා ප්‍රමාණයක් සපයන ‘පොන්ටේරා' සමාගම සතියක පමණ කාලයක සිට නිෂ්පාදන අත්හිටුවා, පවතින තොග පමණක් වෙළෙඳපොළට සපයන බවත්, ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමට නොහැකි වීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.  වන විට කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,945ක් වන  අතර, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 790කි.