
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාව අතරතුර පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේ කිරිඳාගස්තැන්න ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේ දී පෙරේදා (23) පස්වරුවේ සිදු කෙරිණි.
අවමංගල උත්සවයේ පාංශුකූලය සඳහා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සියයයකට වැඩි සංඛ්‍යාවක් වැඩම කර තිබුණි.
චමින්ද ලක්ෂන් මහතාගේ මව, බිරිඳ, දියණිය, පුතු ඇතුළු පවුලේ ඥාතීන් විසින් පැන් වඩා, මතක වස්ත්‍ර පූජා කර ඔහුට පින් පැමිණ වූ අතර අවසන් ආගමික වතාවත් සිදුකෙරෙන අවස්ථාවේ ඔහුගේ නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා ද ඒ අසලට වී ශෝකී විලාශයෙන් සිටියේ ඔහු අතෑර යන්න නොහැකි බවත්පසක් කරමිනි.
වෙසන් කටයුතු අතර යම්කිසි කලබලකාරී තත්වයක් ඇතිවේ යැයි සැකයෙන් ආරක්‍ෂක අංශ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණත් ඉතා සාමකාමීව එම කටයුතු සිදු විය.










Comments
Post a Comment
Your comment will be visible after approval