maithri-gunaratne-speaks

හිටපු ආන්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් වත්මන් ආණ්ඩුව පිළිබඳවත් රඹුක්කනදී සිදු වු සිදුවීම ගැන සිය අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා.

"රඹුක්කන සිද්ධිය ගත්තම ඉතාම කණගාටුදායක තත්ත්වයක් තමයි අපිට පෙන්න තියෙන්නේ.ප

ොලිසිය සම්පුර්ණ බලය අයුතු ලෙස පාවිච්චි කරලා මේ රටේ පොදු ජනතාව ඝාතනය කරලා දැන් ඒ පොලිසියම තමයි ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂනය කරන්න පත් කරලා තියෙන්නේ.එ නිසා මේ සිද්ධියට කවදාහරි සාධාරණයක් වෙයිද කියලා අපි හැමොටම ලොකු සැකයක් තියනවා.එතකොට මේ ටී 56 නිළධාරීන් කී දෙනෙක්ට දීලා තියනවාද? පොලිසියෙන් එළියට එද්දී කඩෙන් සීනි කිලෝවක් අරගෙන එනවා වගේ ටී 56 ක් අරගෙන එන්න බැහැ. ඊයේ සාක්ෂිකාරයෙක් කිව්වා තරු දෙකයි, රාජ්‍ය ලංඡනයයි දාගෙන සිටි නිළධාරියෙක් තමයි කිව්වේ උඩට වෙඩි තියන්න එපා  මැරෙන්න වෙඩි තියපන් කියලා.එතකොට එහෙම කිව්ව නිළධාරියා කවුද? ඒ නිසා මේ රටේ ජනතාවට කියනවා සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ පොලිසියෙන්..

අපි ජනතාවට කියනවා පැහැදිලිවම මේ විරෝධයට , මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ නම්, කරන්න තියන දෙයක් තමයි සෑම නිවසක් ඉදිරියේ ඇති තාප්පයේ හෝ වැටක හෝ රාජපක්ෂලා පල ගෙදර කියන එක ප්‍රදර්ශනය කරන්න.. Gota go home කියලා මේක පටන් ගත්තා නමුත් මහින්ද හිතාගෙන ඉන්නේ මහින්දට ඉන්න පුළුවන් කියලා.. එක නිසා තමයි ඔහු අගමැති වෙලා ඉන්නේ. "