
රටේ මතුව ඇති තත්වය ගැන මහනායක හිමිවරු නිකුත් කළ ලිපිය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රධාන මහා සංඝරත්න අද (26) පස්වරුවේ අරලියගහ
මන්දිරයට වැඩම කරනු ලැබීය.
අගමැති මහින්ද රාජපක්ෂ එහිදී හිමිවරුන් සමග කතා කළ අතර ඊට පෙර පැවති පළාත් සභා සංසදයේ රැස්වීමකදී දන්වා සිටි ‘ඉල්ලා අස්වෙන් නැතැයි‘ කියූ ප්‍රකාශය හාමුදුරුවන් වහන්සේලා ඉදිරියේ වෙනස්වී ඇති බව
ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි එතැනින් පිටට පැමිණ මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස් වලදී හෙලි විය . උන් වහන්සේ මෙසේ කීහ,
"අග්‍රාමාත්‍යවරයා කියනවා... මා ඉල්ලා අස්වෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉල්ලා අස්වීමට
මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරිවීමට කල්ගත වුණාම රටට, රාජ්‍ය
පාලනයක් නැති වෙනවා කියලා. මෙන්න මේ හිඩැස පුරවන්න කොච්චර කාලයක් යනවාද? ඒ කාලසීමව තුළ
රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා.
අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහෙයවා ගන්න පුළුවන්
කියලා. අගමැතිවරයා දිගින් දිගටම කිව්වා ජනාධිපතිවරයාගේ බලතල යටතේ රට පවත්වාගෙන යන්න
බැහැ. අගමැතිවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වන විට රට අස්ථාවර වෙනවා කියලා.
අස්ථාවර වුණොත් මේ තියෙන තත්ත්වය භීෂණයක් බවට පත්වෙයි. තවත් අර්බුද පහළවෙයි. ඒ නිසා මා
ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නැහැ ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම පක්ෂ එකතුකරගෙන
ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න කළාට පස්සේ කියලා.
ඒ කියන්නේ අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න කියලා.
අගමැතිවරයා
කවුරුන්ද? අගමැතිවරයා පත්කරන ආකාරය පිළිබඳව ඒකමතිකත්වයට එන්න.. තමන් තමන්ගේ පදවියෙන්
ඉවත්නන් සූදානම් කියන එක තමයි එතුමා කිව්වේ. දැන් අපි මේ සම්බන්ධයෙන් මහනායක ස්වාමින්
වහන්සේලා සමග නැවත සාකච්ඡා කරනවා. පක්ෂ නායකයින්ගේ එකමුතුවක් හදාගෙන නැවත මේ සඳහා
ගතයුතු පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරමුණු කොටගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු
වෙනවා."
කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලා හමුවීම පිළිබඳව අගමැති මාධ්‍ය ඒකකය ප්‍රසිද්ධ කර තිබෙන නිවේදනයේ
‘ඉල්ලා අස්වීමට කැමතියි ‘ කියූ බවක් සඳහන් වන්නේ නැත. එම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval