
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ම ඉල්ලා අස්විය යුතු බවත් ජනපතිට වෙනත් සර්ව පාක්සික කණ්ඩායමක් සමග ආන්ඩුවක් තනන්නට ඉඩ දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතර
මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මෙම මතය දරන බවත් සඳහන් කලේය. අද දින ඉන් 10 දෙනෙකු පමණ ගොස් ජනාධිපතිවරයා හමුවී දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.ඔහු සඳහන් කළේ, ඕනෑ ම පක්ෂයක මන්ත්‍රීවරයෙකු එකතු කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුවක් නිර්මාණය
කිරීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බව එම මන්ත්‍රීවරුන්ගේ මතය බව ය.
ජනාධිපතිවරයා හෙට බදාදා (අප්‍රේල් 27) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු
කණ්ඩායම රැස් කරනු ඇති බව ත් එහිදී ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ආණ්ඩුව නිර්මාණය කර ගැනීම
සඳහා අවස්ථාව සලසා දීමට එම මන්ත්‍රීවරුන් සූදානම් බව ත් ඔහු පැවසීය.
ජනතාවගේ මතය නොසලකා පාර්ලිමේන්තුව තුළ බහුතරය නිර්මාණය කර ආන්ඩු තැනීම මෙවැනි අවස්ථාවක ඵලක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, ජනතා මතය නියෝජනය වන ආකාරයට පාර්ලිමේන්තුව සකස් කිරීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක්
නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස එහිදී ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
ඔහු අදහස් පළ කළ අයුරු වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval