
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) අරලියගහ මන්දිරයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ පැවැති හමුවකදීයි.
විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩ නගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඉටු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු හා නගරාධිපතිවරු මෙහිදී ඒකමතික යෝජනාවක් සම්මත කළහ.

Comments
Post a Comment
Your comment will be visible after approval