
කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කාන්තා වැසිකිළියකට තරුණියක ගොස් සිටියදී දුරකථනයෙන් විඩියෝ කළ තරුණයකු ඊයේ (26 වැනිදා) පෙරවරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 24 හැවිරිදි විවාහක තරුණයකු බව පොලිසිය පැවසීය.
රඹුක්කන ප්‍රදේශයේ රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරන 30 හැවිරිදි අවිවාහක තරුණියක සිය මව සමග ඊයේ (26 වැනිදා) පෙරවරුවේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කෑගල්ල මහ රෝහලට පැමිණ සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය පැවසීය. පසුව තරුණියට වැසිකිළියට යාමට අවශ්‍ය වී ඇති බවත් සිය මව සමඟ බාහිර රෝගී අංශයේ කෙළවරේ පිහිටි මහජන වැසිකිළි පද්ධතියට ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.
මෙම වැසිකිළි පද්ධතියේ පිරිමි වැසිකිළි හා කාන්තා වැසිකිළි කිහිපයක් වෙන වෙනම තනා ඇති බවත් පොලිසිය පැවසීය. තරුණිය සිය මවට වැසිකිළිය ඉදිරිපස කොනක රැඳී සිටින්නට පවසා කාන්තා වැසිකිළියකට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
තරුණීය වැසිකිළියට ඇතුළු වන අයුරු තරුණයකු දැක අල්ලපු පිරිමි වැසිකිළියට ගොස් දොර වසාගෙන දුරකතනයෙන් අල්ලපු වැසිකිළියේ සිටින තරුණිය වීඩියෝ කර ඇති බවත් පොලිසිය පැවසීය. පසුව අල්ලපු වැසිකිළි කාමරයේ ඉහළ සිට දුරකථනයක් දැක ඇති තරුණිය වැසිකිළි අවශ්‍යතාව පසෙකලා දොර විවෘත කර එළියට පැමිණි තරුණයා සිටි වැසිකිළියේ දොර විවෘත කර මහත් පරිශ්‍රමයක් යොදා තරුණයා වැසිකිළිය තුළ රඳවාගෙන කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ වෙත දන්වා තිබුණු බවත් පොලිසිය පැවසීය.
කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරප්පොළේ උපපොලිස් පරික්ෂක නිහාල් කුලසිංහ නිලධාරියා සැකකාර තරුණයා හා ඔහු සන්තකයේ තිබුණු රුපියල් 35000ක් වටිනා ජංගම දුරකථනයද පොලිස් බාරයට ගත්තේය. තරුණිය කෑගල්ල මූලස්ථාන පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගැනුණ තරුණයා ඊයේ (26) වැනිදා) සවස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval