
රාජපක්ෂ රෙජිමය යළි බලයට ගෙන ඒම සඳහා සමාජ මාධ්‍ය තුළ මඩ ප්‍රචාරයන් දියත්කිරීම නිසා ඇතැමුන්ගේ විවේචනයට ලක්වූ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සිය යූටියුබ් ගිනුම මේ වනවිට ‘ප්‍රයිවෙට්‘ කර සඟවා ඇතැයි
වාර්තාවේ. මේ හේතුවෙන් එම නාලිකාවෙන් දහස් ගණනින් ඉවත්වෙමින් (අන්සබ්ස්ක්‍රයිබ්) සිටි අයට ඉවත්වන්නට බැරි කරවා තිබේ.මේ දිනවල ඉරාජ් පක්ෂපාතීවූ රජයට දැඩි අප්‍රසාදයක් එල්ල වෙමින් මහජන විරෝධතා පැනනගිද්දී ඉරාජ් බොහෝදුරට නිහඩව සිටි නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ පුරවැසි උද්ඝෝෂණ උපහාසයට නගන පෝස්ටු පළ විය. මේ හේතුවෙන් ඉරාජ්ගේ ප්‍රධාන යූටියුබ් නාලිකාවෙන් පිරිස ඉවත්වෙමින් සිටි බව කියැවේ. පැය ගණනක් ඇතුළත් දසදහස් ගණන් ඉන් ඉවත්වීම සිදුවෙද්දී එය වැළැක්වීමේ උපායක් ලෙස ඉරාජ් නාලිකාව ප්‍රයිවෙට් දැමූ බව පැවසේ.




Comments
Post a Comment
Your comment will be visible after approval