
වාහන සදහා ඉන්ධන ලබා දීම සීමා කිරිමත් සමග පෞද්ගලික වාහන මගින් ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම බරපතල ගැටලුවක් වී ඇතැයි වාර්තාවේ.
ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි .
ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකිවේ.
එහෙත් බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල නොපැවැත්වෙනු ඇත.
පෙට්‍රල් හා ඩීසල් නැව් අවශ්‍යතා සපුරාලන තරමේ ඉන්ධන ලබානොදීම මෙම සීමාකම් ඇති කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval