
කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 322 දෙනෙකු ආහාර විෂවිමකින්
ප්‍රතිකාර සදහා අද (20) උදැසන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
16 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද වැඩිදෙනෙකුට වමනය, බඩේ රුදාව, ඇගපත වෙදනාව යන රෝග ලක්ෂණ පෙන්වන බවද වාර්තාවේ.
ඊයේ (19) දහවල් ලබාදුන් අහාරයකින් පසු මෙම අසාත්මිකතාවන් මතුව ඇත.
අද උදැසන ඇගලුම් කම්හලේ බස්රථ වලින් රැගෙන විත් විශාල පිරිස රෝහල්ගත කොට ඇත.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන සඳහන් කළේ මෙම ඇගලුම් කම්හලේ තවත්
සේවක සේවිකාවන් 50 දෛනකු අහාර විෂවිම හේතුවෙන් හබරාදුව කළුගල රෝහල වෙත ඇතුලත් කිරිමට
කටයුතු කළ බවයි.
ඇගලුම් කම්හල විසින් සේවක සේවිකාවන් සදහා ලබාදුන් ආහාර සාම්පල් හා ජල සාම්පල් පරික්ෂණ සදහා
ලබාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval