
රටේ පවත්නා දැඩි අස්ථාවර තත්ත්වය හා අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිලට විරෝධය පා මේ වන විට තංගල්ල නගරයේ විරෝධතාවයක් ආරම්භ වී තිබේ.
විරෝධතාකරුවන් මේ වන විට තංගල්ල කාල්ටන් නිවස වටලා විරෝධතාවයේ නිරත වෙයි.
කෙසේ වෙතත් පොලීසිය මාර්ග බාධක දමා දැඩි ආරක්ෂක අංශ රැකවල් යොදා විරෝධතාකරුවන් නිවස දෙසට යෑම වළක්වා තිබෙන බව වාර්තා වේ.
මින් ඉහත පසුගිය 04 වනදාද කාල්ටන් නිවස අවට විරෝධතාවක් පැවැත්විණි.
Comments
Post a Comment
Your comment will be visible after approval