
කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට පෙරේදා (26දා) රාත්‍රී ඇතුළු වූ කොල්ලකරුවන් 04දෙනෙකු ගෙහිමියාට හා ඔහුගේ පුතාට සිදු කළ පහරදීමෙන් ගෙහිමියා මියගොස් ඇතැයි කැලණිය පොලීසිය පවසයි. කැලණිය, වරාගොඩ, වරාගොඩ පාර නිවසක පදිංචිව සිටි පී.වී.කුමාර චන්ද්‍රලාල් (63) නමැත්තෙකු මෙසේ මියගොස් තිබේ. කොල්ලකරුවන් විසින් නිවැසියන්ගේ අත් බැඳ රන් මුදුවක් හා නිවසේ තිබූ ඉඩම් ඔප්පු කීපයක් පැහැරගෙන ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
මේ අතර කොල්ලකරුවන්ගේ ප්‍රහාරවලට ලක්වූ පියා අසාධ්‍ය තත්වයෙන් පසු වූ හෙයින් එම අවස්ථාවේදීම රෝහල්ගත කිරීමත් පසු ඔහු මියගොස් ඇතැයි කැලණිය පොලීසිය පවසයි. ව්‍යාපාරිකයෙකු වූ මියගිය අය කාලයක් තිස්සේ උගස් භාණ්ඩ, ඉඩම් ඔප්පු වැනි දේ උගස් ගැනීමේ කටයුතු සිදු කළ බව තීහු පවසති. පෙරේදා රාත්‍රී 11.20 ට පමණ නිවසේ ඉදිරිපස දොරටුව අසල සිට දොරට තට්ටු කරන හඩක් ඇති වී මියගිය අය දොර විවෘත කළ අවස්ථාවේ පුද්ගලයන් සිවුදෙනෙකු නිවසට ඇතුළු වී තිබේ.
අනතුරුව කොල්ලකරුවන් ගෙහිමියා හා පුතා අල්ලාගෙන පහරදී මුදල් ඉල්ලා ඇත. අනතුරුව පියා හා පුතාට පහරදී ඇත. ඉන් පසු ඔවුන් දෙදෙනාගේ අන්ගැටගසා තර්ජනය කර තිබේ. පසුව කොල්ලකරුවන් දෙදෙනෙක් කාමරයට ඇතුළු වී අල්මාරි අවුස්සා අල්මාරිවල තිබූ ඉඩම් ඔප්පු කීපයක් ඉවතට ගෙන ඉන් කිහිපයක් රැගෙන ඔවුන් පැමිණි බව කියන මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි පොලීසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය ඊයේ (27දා පැවැත්වීමට නියමිතව ඇතැයි පොලීසිය පවසයි. මේ අතර පළමු කාලයෙන් පසු සහකරුවන් අදාළ මෝටර් රථයෙන් ගොස් ඊයේ (27දා) අලුයම කිරිබත්ගොඩ අලුත් පාරේ පිහිටි හෝටලකට ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා ඇතැයි ද පොලීසිය පවසයි.
අදාළ හෝටලයට ගිය සැකකරුවන් එහි කාමරයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් ඒ අවස්ථාවේ එහි කළමනාකාරිනිය සිට ඇති බවද පොලීසිය පවසයි. අනතුරුව ඔවුන් අදාළ කාන්තාව බිය ගන්වා රුපියල් ලක්ෂ 03 හා රන් අභරණ කොල්ල කා ඇතැයිද පොලීසිය පවසයි.මෙම මංකොල්ලකෑම් සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය මෝටර් රථ කුලියට ලබා දෙන ස්ථානයකින් පෙරේදා (26දා) රාත්‍රියේ කොල්ලකන ලද එකක් බවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
පෙරේදා 26දා රාත්‍රී 10 ට පමණ මෝටර් රථ කුලියට ලබා දෙන ආයතනයකට ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු ගෝනවල සිට බොරැල්ලට කුලී ගමනක් යෑමට බව පවසා මෝටර් රථයක් ගක්වා ගෙන මද දුරක් යන විට එහි රියදුරා බිය ගන්වා රථය කොල්ලකා මෙම සොරකම් සඳහා එය යොදා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval