gota-go-home-pathum-kerner

වෛද්‍ය පැතුම් කර්නර් යනු පසුගිය කාලයේ ‘ගෝටාගෝහොම්‘ යන සංවාදය බිහි කළ මහමොළකරු ලෙස කතාබහකට ලක්විය. එංගලන්තයේ සිට පැමිණි ඔහු ගෝටාගෝගමට ගිය අවස්ථාවේ ඇතුළෙ වෙච්ච සිද්දියක් ගැන විවිධ කතා සමාජ මාධය තුළ පළවෙමින් පවතී. ඒ ගැන ඔහු කියූ කතාව මෙසේය.



''ගෝස් ෆේස් එකේ මං සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිද්ධ උනා..ඒක සමාජ මාධ්‍ය ජාලා වලින් YOUTUBE එකෙ හැමතැනම විවිධ අය විවිධ අර්ථකථන දෙමින් ප්‍රචාරය කරනවා ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන්න...එහිදි මම පැහැදිලි කිරීමක් කරන්න ඕන මම ඉදිරිපත්කරන පැහැදිලි කිරීම තමයි මේ....මුලින්ම යොහාන් ගැන කිව්වොත් යොහාන් කියන්නේ මම කලින් දන්න කෙනෙක් කලින් හමුවෙච්ච නැති..

යොහාන් යම්කිසි සංවිධානයක් හදාගෙන තිබුණා අපි දවසක ZOOM MEETING එකක ඉදලා කතා කරලා තියෙනවා කණ්ඩායමක් එක්ක...විශේෂයෙන් අළුතෙන් ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර වලදි එකිනෙකා හදුනාගනීම වැදගත් එවැනි අවස්ථාවක එකිනෙකා හඳුනාගන්න අපි දේශපාලනිකව සාකච්ඡා කරපු වෙලාවල් තියෙනවා එහෙම හදාගත්ත හිතවත් කමක් ඔහු සමඟ තියෙනවා....මම අරගල භූමියට ගියාම යොහාන් ඇතුළු කණ්ඩායම ඉන්න තැනට ගියා එතැන ලොකු පිරිසක් එකතු වෙලා හිටියා...ඔවුන් යම්කිසි මාධ්‍යආවරණයක් එක්ක සාකච්ඡා කරමින් සිටියා.මම එතැනට ගිහින් යොහාන්ට කතා කරලා අපි එතැනදි පොඩි දෙබසක් අපි ONLINE FACEBOOK එකේ දාලා තියෙනවා LIVE ගිහිල්ලා ඒ දෙබසේ උනේ

මම යොහාන්ගෙන් ප්‍රශ්ණ අහනවා යොහාන් උත්තර දෙනවා.

අවසානායේ යම් පිරිසකට අවශ්‍ය උනා මගෙන් ප්‍රශ්ණ අහන්න යොහාන් තෝරගත්තා එතැන හිටිය මල්ලි කෙනෙක්ව කොහොමද මගෙන් ප්‍රශ්ණ අහන්න ඕන කියලා..ඔහු එතැනට ඇවිත් කිව්ව දේ තමයි රටේ System change එකක් කරන්න ඕනනම් මේ අරගලය ඔස්සේ පැතුම් කර්නල්ව නායකයා කරගන්න කියලා...ඒක කිව්ව ගමන් ඒ මෙහොතෙම ඊළඟ තත්පරේම විශාල හඩක් සමඟ හය හත් දෙනෙක් ගෙන් යුත් පිරිසක් කෑ ගහගෙන ඉදිරියට ආවා .ඔවුන් ඒ කියවීමට එකඟ උනේ නෑ....එතකොට ඔවුන් විරෝධයක් පළ කලා මේ මං විසින් දාගත්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන් මාව promote කරන්න හදනවා කියලා...මම හිටියේ එංගලන්තයෙ ඒ වගේම ඒගොල්ලෝ විශාල කැපකිරීමක් මේ වෙනකොට කරලා තියෙනවා.දවස් 18ක් තිස්සේ අව්ව වැස්සෙ රෑ ගෙදර යන්නේ නැතුව මහන්සි උනා....

එච්චර කැප කිරීමක් ඒ අය කරලාතියෙද්දි ඔයා එංගලන්තයේ ඉදලා ඇවිත් ඔයා කොහොමද මේ අරගලයෙන් ඔයාව promote කරගන්නේ...

ඒ අතර පොඩි බහින් බස් වීමට මේක ගියා අර මල්ලි ඉස්සරහට ඇවිත් කියපු දේ ඉල්ලා අස්කරගත්තා...ඊට පස්සේ මේ ගැටුම තව දුරටත් උනුසුම් උනා..මට උත්තරයක් දෙන්න ඕන වෙලා තිබ්බා නමුත් ඔවුන් මට උත්තරයක් දෙන්න අවස්ථාව ලබාදුන්නේ නෑ...තව සහෝදරයෙක් ඇවිත් මට කිව්වා ඔයා දැන් මෙතැනින් යන්න තව අය ඇවිත් මෙතැන ගැටුමක් ඇති වෙයි කියලා පස්සේ මම එතැනින් ගියා.සමාජ මාධ්‍ය වල ගියා වගේ එතැන පරදීමක් සිදු උනේ නෑ,ගැටුමක් ඇති උනේ නෑ, එතැනින් පන්නා දැමීමක් සිදු උනේ නෑ...මම අදත් ගෝල් ෆේස් එකට  යනවා එතැන ගැටළුවක් නෑ...''