
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
කීර්තිරත්න මහතා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ තවදුරටත් එම රෝහලේම ප්‍රතිකාර ලබයි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සදහන් කරයි.
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval