
අභියෝග ජයගත යුතු මාරාන්තික වීඩියෝ ක්‍රීඩාවක යෙදුණු යාපනයේ ඉලවාලී කුවිල් ප්‍රදේශයේ විසි දෙහැවිරිදි තරුණයකු වීඩියෝ ක්‍රීඩාවෙන් පරාජයට පත්වීම හේතුවෙන් ඉකුත් 27 දා ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.
ඔහු මියයන විටද සිය දුරකතනය සාක්කුවක දමාගෙන ශ්‍රවණාධාරකයක් කණේ රුවාගෙන මිය ගොස් තිබේ. එස්. මදන් නමැති එම තරුණයා සිය ජංගම දුරකතනය ආධාරයෙන් වීඩියෝ ක්‍රීඩාවල දවසේ වැඩි කාලයක් නිරත වූ බව ඔහුගේ ඥාතීන් පොලිසියට ප්‍රකාශකොට තිබේ.
තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කොට බැලීමේදී අදාළ වීඩියෝ ක්‍රීඩාවෙන් ඔහුට ලබාගත නොහැකි අභියෝගයක් වෙත ඔහුව යොමුකොට තිබූ බව හෙළි වී තිබේ.
මාරාන්තික වීඩියෝ ක්‍රීඩා ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී උතුරේ තරුණයන් හා පාසල් සිසුන් කීප දෙනෙකුම මේ ආකාරයට සියදිවි හානි කරගත් අතර කාලයක් නතර වී තිබූ එම වීඩියෝ ක්‍රීඩා කිරීම කොරෝනා නිදහසත් සමගම යළි වැඩි වී ඇති බව යාපනයේ වැසියෝ සඳහන් කොට සිටිති. ගෙළ වැළලාගෙන මියගිය තරුණයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඉලවාලී පොලිසිය විසින් භාරදී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval