
යළිවතාවක් අරගල භූමියේ සිටන තරුණයන් සමගින් එකතු වුන ප්‍රකට දේශක බ්‍රදර් චාල්ස් මහතා එහි සිටි පිරිස අමතමින් රඹුක්කනදී සිදු වු පොලිස් වෙඩි තැබීම ගැන ඔහුගේ අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා..
"රඹුක්කනදී වෙඩි වැදිලා ඝාතනය කරපු ඒ සහෝදරයා වෙනුවෙන් ඉතිහාසයේ විශාල් ජයග්‍රාහී පියවරක් තිබ්බා.. ඒ වෙඩි තියන්න අණ දීපු සහ වෙඩි තියපු සහ වෙඩි තියපු නිළධාරීන්ව අත්අඩංගුවට ගන්න නියෝග කලා.නමුත් ඉහළින් එන දේශපාලනික නියෝග නිළධාරීන් ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ.. නීතිය බලවත් වුනොත් දේශපාලකයින්ගේ පහර නියෝග වලට වඩා නිලධාරීන් නීතියට විරුද්ධව වැඩ කරන්න පෙළඹෙන එන නතර කරන්න පුළුවන්. හැමෝම කතා කරන්නේ මැරිච්ච කෙනා ගැන විතරයි..නමුත් අවුරුදු 15වක දරුවකුට වෙඩි වැදුනා..පිටිපස්සෙන් වෙඩි තියලා තියෙන්නේ..සියළු සාක්ෂි අපි ළඟ තියනවා..
එ දරුවා ඉතාම දුප්පත්..ඒ වගේම අවුරුදු 18 ක තරුණයකුට වෙඩි තිබ්බා.. ඒ වෙඩි තිබ්බෙත් පිටිපස්සෙන්..ඒ ඔක්කොම බොකු බඩවැල් එළියට ආවා.. ඒ දරුවාගේ තාත්තාගේ එක කකුලක් නැ..එ දරුවා සුව වෙමින් ඉන්නවා නමුත් එ දරුවා ගැන අපි කතා කල යුතුයි.. මේ අසරණ විදියට මැරිලා යන්නේ අහිංසක මිනිස්සු.. නීතිඥවරු පවා බොහොදෙනෙක් උනන්දු වුනේ මැරිච්ච කෙනාගේ සිද්ධිය වටා ගොනු වෙන්න.. නමුත් වෙඩි වැදිලා තුවාල වුන තව පිරිසක් ඉන්නවා.. ඔබ හිතන්න අවුරුදු 15 ළමයා ගියේ අරගලයකට නෙමෙයි.. ඒ ළමයාට වෙඩි වැදුනේ ඇයි? "
Comments
Post a Comment
Your comment will be visible after approval