
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් අද (11) අලුයම ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
ඒ ගාල්ලේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදීය.
මෙම පුද්ගලයා තම ලොරි රථයට ඩීසල් මිලදී ගැනීමට ඉන්ධන පිරවුම්හලට පැමිණ පැයකට ආසන්න කාලයක් පෝලිමේ සිට ඇත.
හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔහු රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ ගාල්ල හබරකඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval