harin-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුකට එක්වෙමින් මෙසේ සිය අදහස් ප්‍රකාශ කර තිබුනා..
 


" අපි පාගමනින් කෙලින්ම මැයි පළමුවැනිදා දක්වා ගමන් කරන්නේ විශේෂයෙන්ම ලොකු ඉල්ලීමක් කරන්න..ඒ ඉල්ලීම තමයි දැන් හොඳටම ඇති වැඳලා කියන්නම් දැන් පලයන් කියන එක..අපි මාර්තු මාසේ 15 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට ගිහිල්ලා gota go home කියලා ඉස්සෙල්ලාම කිව්ව අවස්ථාවේදී අපි කිව්වා මාසයක් කල් දෙනවා කියලා. හැබැයි තව කාලය දෙන්න අපට හැකියාවක් නැහැ.

මේ වෙද්දී ලංකාවේ හැම වෘත්තීය සංගමයක්ම ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කියද්දී කාදිනල් උන්වහන්සේ ඉල්ලා අස් වෙන්න කියනකොට මේ හැමෝම යන්න කියද්දීත් එක කන් ඇහෙන්නේ නැති ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් gota go home කියන එක තෙරෙන්නේ නැත්තම් අපිට වෙන්නේ එළවන්නයි..ඉතිං අපි කන්ද උඩ රටේ අරගල ආරම්භ කරනවා හෙට උදෑසන.. ඒ නිසා අපි සියළුදෙනාටම ආරාධනා කරනවා කළු හෝ සුදු පැහැයෙන් සැරසිලා එන්න අපිත් එක්ක මේ ගමනට.

අයියයි මල්ලි ගහගන්නවා, පවුලේ කට්ටිය ගහගනන්වා.මේක පවුලේ භූතලයක් සේ මේ රට අයිති කරගන්නට උත්සහා කරනවා. ඊයේ දවසේ බැරිකෙට් ගෝඨා එළියට ආවා..ලංකාවේ ජනාධිපතිතුමා මිනිස්සු යන්න කියනකොට යන්න බයට ලංකාවේ සංචාරක හෝටල් වටකරගෙන එතුමාගේ කාර්යාලයට යන තැන වහගෙන ඉතාමත් නින්දිත  රියල් ගෝඨාගේ ස්වරූපය පෙන්වුවා..ලංකාවේ කවුද ආරක්ෂක ඇමති? එතකොට ජී.එල්.පීරිස් මේක කරාද දන්නෙත් නැහැ. මම  ජී.එල්.පීරිස් මහත්මයාගෙන් අහනවා පුළුවන් නම් තුවක්කුවක් විනාඩි පහක් උස්සගෙන ඉන්න..

එහෙවත් කරන්න බැරි මිනිහෙක්ට මේ ආරක්ෂාව දුන්නේ තනිකර පට්ටපල් බොරුවක්,රඟපෑමක්. ඒ මිනිසුන්ට තනතුරු නැ. කිරි බාබාලා ටිකක් ඇමතිවරු කරලා ඉස්සරහා පේළියේ තියලා පිටිපස්සෙන් ඇමතිවරු තියලා මේ කාවද රවට්ටන්නේ? බැසිල් තාම ගේමේ.. ඒ නිසා මේ ගේමේ ඇතුළේ එක අපි තේරුම් ගන්න ඕනේ.. "