weboda-new-zealand-apsara-kalpani

පවුලේ ආරාවුලක් මත ගම්පහ වෑබොඩ – උතුර පුදේශයේ නිවෙසක් තුල ඊයේ (24) රාත්‍රියේ සැමියකු විසින් සිය බිරිඳගේ ගෙලට මන්නයෙන් ඇන මරා දමා ඔහුද  දිවිනසාගන්නට තැත් දරන ලද සිදුවීමක් වාර්තාවී ඇත.


 සැමියාගේ මන්නා පිහි පහර වලින් තුවාල ලැබු බිරිඳගේ සොහොයුරියක් හා මිතුරියක් ද ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධියෙන් පසුව සැකකාර සැමියා නිවෙස අසල ළිඳකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙන නමුත් අසල්වැසියන් ඔහු බේරා ගෙන තිබුණි.



මේ සිද්ධියෙන් මිය ගියේ වැබොඩ – උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි අප්සරා කල්පනී විමලසිරි නමැති 33 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියා මාතර  කැකණදුර පුදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන බව කියයි.

මෙම සැමියා හා බිරීඳ උපාධිධාරින් වන අතර ඔවුන් නවසීලන්තය ට යාමට සුදානම් වී සිටින විට සැමියාට කොරෝනා වැළදී ඇත. ඒ අවස්ථාවේ බිරීඳ පමණක් නවසීලන්තයට ගොස් තිබෙන අතර පසුව අනියම් ඇසුරක් මුල් කරගෙන ඔවුන් දෙදෙනා අතර නිතර බහින් බස් වීම් ඇති වී තිබෙන බවට හෙළිවී ඇත. මේ ප්‍රශ්නය මත ඔවුන් දික්කසාද වීමට සිටි බව ද කියැවේ.

මෑතකදී බිරිඳ දිවයිනට පැමිණ තිබෙන නමුත් ඇය නැවත ලංකාවට ආ පසුව ඔවුන් දෙන්නා එක්ව සිට නැත. ඇය ඇගේ ගෙදර ගොස් ඇත.මේ බව දැනගත් මාතර  කැකණදුර පුදේශයේ සිටි සැකකාර සැමියා රහසිගතවම ඊයේ රාත්‍රියේ මේ නිවෙසට පැමිණ මේ අපරාධය සිදු කර ඇත.

මේ සිද්ධිය පිළිබඳව වැලිවේරිය පොලිසිය පරික්ෂණ මෙහෙයවති.