
අනුරාධපුරයේ පැවති විරෝධතාවය සමඟින් එක්වුණු රාජාංගනේ හිමි එතැන සිටි පිරිස අමතමින් අදහස් දක්වා තිබුනේ මෙසේය.
''මේ අවස්ථාව සංවිධානය කරපු අනුරාධපුර කොන්ද පණ ඇති මිනිස්සුන්ට මගේ ගෞරවය පුද කරනවා.. මේ දුෂිත දේශපාලඥයෝ , මේ කම්බ හොරු ,පල් හොරු වසර 74ක් තිස්සේ මගේ රට ඔබේ රට මංකොල්ල කෑවා..මේ පර දේශපාලනය එක්කෝ මගේ ජිවිතය එක්කෝ මගේ මරණය,එක්කෝ මන්ගේ අවසාන කියලා තමයි මේ ගේම පටන් ගත්තේ..
තරුණ දරුවනි වැඩිහිටියනි, මේ පටන් ගත් අරගලය අවසන් කල යුත්තේ දුෂිත දේශපාලඥයෝ එකාපිට එකා ගෙදර යවලා.. ඩෝලර් තියෙන්නේ අපි ගාව නෙමෙයි උන් ගාව..උන් මේවා හොරා කපු නිසයි අපේ දරුවන්ට කිරි නැත්තේ.. උන්ගෙ දරුවො ඇමරිකාවෙ හොඳින් ඇති..උන්ට ප්‍රශ්න නැ.. මුන්ගේ පවුල්වල එකෙක්වත් පෝලිම් වල මැරෙන්නේ නැ.. පාන් කැල්ලක්වත් කන්නේ නැතිව මැරෙන්නේ අපේ උන්.. අවසාන වශයෙන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හොඳට අහගනින් මේ රට තොපේ අම්මාගේ තාත්තාගේ බූදලය නෙමෙයි.. පව් නොදී පලයව්...."
Comments
Post a Comment
Your comment will be visible after approval