
අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවී සිටින පිරිස හා පොලිසිය අතර බහින්බස්වීමක් මත ගැටුම්කාරී තත්වයක් අද උදෑසන සිදුවිය. මෙම ගැටුමට මුල්ව ඇත්තේ අරලියගහ මන්දිරය ඉදිරිපිට බස් රථ පෙළක් නතර කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහයි.
ඊයේ දවසේදී මේ අසල අරගලයේ නිරත පුද්ගලයන් පොලිසියෙන් විමසීමක් කර තිබුණේ මෙම බස් රථ කාගේද යන්නයි.
එවිට පොලිසිය පිළිතුරු දී තිබුණේ මෙම බස් රථ කාගේද යන්න නොදන්නා බවයි.
නමුත් අද පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම බස් රථ රැගෙන යාමට පැමිණ තිබෙන අතර හොරය අසුවී තිබේ. ඒ ගැන ප්‍රහ්න කරන්න යද්දී පොලිසියට කේන්ති ගොස් තිබේ.
ඇතිවූ ගැටුම නිසා සීරීම් තුවාල ලද උද්ඝෝෂණයේ නිරත පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.
මේ සියල්ල සිදුවන්නේ ‘මයිනාගෝගම‘ මහ හඩින් පිරිත් සජ්ජායනයක් වාදනය කර තිබෙන අතරවාරයේය
Comments
Post a Comment
Your comment will be visible after approval