gotabaya-mahinda-avurudu

රාජපක්ෂ පාලන ආණ්ඩු යටතේ සිංහල අලුත් අවුරුද්ද සැමරීම වෙනම මුහුණුවරක් ගෙන තිබුණත් මෙවර සිංහල අලුත් අවුරුද්ද එයට වඩා වෙනස්වී ඇත.


රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කරමින් ජන අරගලයක් දියත්වන පසුබිමේ මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙනදා නිකුත්වන ජංගම දුරකථන එස්එම්එස් සුබපැතුම් පණිවිඩ අගමැති වරයාගෙන් හෝ ජනපති වරයාගෙන් ජනතාවට ලැබී නැත. එසේම වෙනදා රූපවාහිනී නාලිකාවන්හි නොවරදින අංගයක් බවට පත්වන කාල්ටන් නිවසේ සිට හෝ අරලියගහ මැදුරේ සිට සජීවීව ගෙන එන අවුරුදු විකාශයන්ද අද සිදුවූයේ නැත.

කෙසේ වෙතත් ෆේස් බුක් ඔස්සේ පණිවිඩයක් තබා තිබෙන අගමැති මහින්ද රාජපක්ෂ
‘අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි. ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත රට වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.‘ යයි දන්වා ඇත.
මෙයට ප්‍රතිචාර ලෙස ලැබී ඇති සටහන් බොහොමයක් අගමැතිට බැණවැදී හෝ අවලාද නගා ඇති ඒවා බව  හඳුනාගන්නට ලැබේ.


ෆේස් බුක් ඔස්සේ පණිවිඩයක් තබා තිබෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ
‘එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝ ය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු. ‘ යයි දන්වා ඇත.
මෙයට ප්‍රතිචාර දක්වන්නට පාඨකයින්ට ඉඩ නොතබා කොමෙන්ට්ස් ඕෆ් කර තිබේ.