galle-face-protest-jvp

ගෝටාගෝහෝම් නමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇරඹී ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාව කිසියම් දේශපාලන පක්ෂයක් මගින් සිද්ධ කරන්නක් බවට මේ දක්වා කිසිවෙකු තහවුරු කර නොමැත.


සිය නිවසේ විදුලිය ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර නැතිකම නිසා මතුව ඇති පීඩාවන්ට ලක්වූ මධ්‍යම පාන්තික තරුණ තරුණියන්ගේ විරෝධ ප්‍රකාශනයක් ලෙස මෙය බිහිවූ අතර ඔවුන් මෙම පීඩනයෙන් මිදීමට ගෝඨා එළවිය යුතුය රාජපක්ෂ පරපුර එළවිය යුතුය යන මූලික සටන් පාඨයෙන් කටයුතු කරන අයුරු පෙනෙයි.
ඒ නිසා වෙනත් කිසිවෙකු බලයට නංවන්නට මේ අවස්ථාවේ ඔවුන්ට උවමනාවක් නොමැති අතර රාජපක්ෂ පරපුර එළවා දැමූ පසුව රටේ නීතිය සාධාරණව පිහිටුවා මැතිවරණයකින් හෝ නිසි නායකයින් පත්කර රට ගෙනයායුතුය යන්න ඔවුන්ගේ අදහස් වලින් ප්‍රකාශවේ.
මේ නිසාම මේ දක්වා ප්‍රධාන විපක්ෂය වන සජබ හෝ දෙමළ පක්ෂ හෝ ජවිපෙ හෝ ආණ්ඩුවෙන් කැඩී ආ කණ්ඩායම් හෝ මෙම විරෝධතා කරුවන් සමග එකට සිටගන්නට ආවේ නැත.

විරෝධතාකරුවන්ට සියලු දේශපාලකයින් මේ අවස්ථාවේ පිළිකුල්ය.
මෙම පසුබිම යටතේ ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අරගලයෙන් වාසිගැන්මට ඊයේ සිදු කළ කතාවක් මේ වනවිට තැන් තැන් වල විවේචනයට ලක්වෙමින් පවතී. මීට ඉහත මිරිහාන සිදුවීම අවස්ථාවේ මේ හා සමාන ප්‍රකාශයක් අනුර කුමාර ජවිප නායකයාද කර තිබූ අතර ඔහු කියවා සිටියේ නායකත්වයක් නැති විරෝධතාවලට හසුවෙන්න එපා යයි තරුණ පරපුරෙන් ඉල්ලා සිටි කතාවකි. ඊයේ ටිල්වින්
 පවසන්නේ නිර්දේශපාලනික විරෝධතාවන් ලෝකයේ නොමැති බවයි‍.
නිර්පාක්ෂික අරගල නොමැති බවත් ප්‍රශ්නය දේශපාලනික නම් පිළිතුර ද දේශපාලනික බවත් පැවසූ ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා.

දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.

ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය නතර වන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා. නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි
අපි ඉදිරි දිනවල කොළඹින් පිට  ස්ථාන කිහිපයක සිට විරෝධතා පෙලපාලියකින් මෙම විරෝධතා ස්ථානය දක්වා ගමන් කරනවා. පසුව එම ස්ථානයේදී අපි මෙම දේශපාලනික අරගලය අපේ අතට ගෙන නායකත්වය දෙන්නට සූදානම්“ ඔහු පැවසුවේය.