gas-price-hike

අද (26) මධ්‍යම රාත්‍රී සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4,860කි.




ගෑස් තොග වෙළෙඳපොලේ බෙදාහැරීම නැවතී තිබී මෙම මිල වැඩිකිරීම සිදුවූ අතර එයට පසු නැවත වෙළෙඳ පොලට තොග නිකුත්වනු ඇත.
ගෑස් ආනයනය සඳහා රටේ බැංකු පද්ධතිය විසින් ද ණය නොදෙන පසුබිමක ඊළඟ ගෑස් නැව සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් මිල ඉහළ දැමීමක් අනිවාර්යයෙන් සිදු කිරීමට සිදුවූ බව ලිට්‍රො සමාගම දන්වා ඇත.