
ගෝඨා ඕනෑ යැයි පවසමින් පොලු මුගුරු ඇතැතිව හලාවත නගරයට පැමිණි කීප දෙනෙකුට හලාවත නගරයේ සිටි ජනතාව විසින් පහරදී එළවා දමා තිබේ. මෙම නිසා අද (11) දහවල් හලාවත නගරය උණුසුම් තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.
ගෝඨා ඕනෑ යැයි පවසන්නට ආ පිරිස හලාවත පොහොට්ටුවේ ප්‍රාදේශිය හා නගර සභා සභිකයින් විසින් මෙහෙයවන ලද දේශපාලන කණ්ඩායමක් බවද පැවසේ. ආරච්චි කට්ටුවේ ‘සනා‘ගේ කට්ටිය යයිද ඇතැමුන් හඳුනාගෙන තිබේ.
එසේ පැමිනි පිරිස එලවන්නට උත්සුක වී ඇත්තේ ඉන්ධන පිරවුම් හල් හා ගෑස් සිලින්ඩර ලබාදෙන ස්ථාන වල පෝලිම් වල සිටි ජනතාවය.
ඉන්පසු එම ස්ථානයට රැස්වූ වූ ජනතාව ගෝඨා හොරා, රට වනසපු රාජපක්ෂ පවුල් එපා යැයි කෑ ගසමින් විරෝධතාවේ නිරත වන බව වාර්තා වේ.මේ විරෝධතාවය සදහා විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.
පොලිසිය පැමිණ පිරිස සන්සුන් කිරීමට කටයුතු කර තිබේ.








Comments
Post a Comment
Your comment will be visible after approval