
අද (16) උදෑසන ගාලු මුවදොර උද්ඝෝෂණ පවත්වන ස්ථානය ආසන්යේ පදික වේදිකා මත පොලිස් ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් නවතා තිබූ අතර උද්ඝෝෂණයට එරෙහිව කිසියම් දෙයක් සිද්ධ කරන්නට යන බවට සැකයක් උද්ඝෝෂකයන් තුළ ඇති කරන ලදි.
මේ නිසා සමාජ මාධ්‍ය තුළ එම සැකසහිත කාරණාව ගැන විවිධ සාකච්ඡා මතු විය.
සාමකාමී උද්ඝෝෂනයකට කරන බාධා කිරීම් ගැන නීතිමය සාකච්ඡාද මතු විය.
කෙසේ වෙතත් දහවල් 11 ට පමණ වාර්තාවන්නේ එලෙස නතර කර තිබූ ට්‍රක් රථ එතැනින් ඉවත්කර තිබෙන බවයි.
මේ නිසා සැකසහිත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට ගොස් එය අතරමග අතහැර ඇතිය යන්න නිරීක්ෂණය වී තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval