galle-face-avurudu

වත්මන් පාලනයට එරෙහිව විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලය අද (14) පැවැත්වෙන්නේ හයවන දිනටයි.


සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන අද දිනයේ දී, උදා වූ අලුත් අවුරුද්ද සමරන්නට විරෝධතාවයට එක්ව සිටින විරෝධතාකරුවන් අමතක කර නැත.
කිරි උතුරවා කැවුම් කිරිබත් කා  විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද සමරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකියාව ලැබුණි.