
අත්තනගල්ල ඌරාපොළ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් පිරිසකට වියළි ආහාර ලබාදීමේ උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ අදහස් පළකර තිබේ.
මාධ්‍යවේදියා – මහින්ද මත්තයා කියනවා එයා ඉවත්වෙන්නේ නැහැ කියලා. එයාගේ අගමැතිකම එයා තියාගෙන තමයි කරන්න හදන්නේ. ?
“පෙරේතකමනේ. එක පැත්තකින් බය ඇති හිරේ දායි කියලා. අනෙක් පැත්තෙන් තව ටිකක් කන්ඩ. කොච්චර තිබුණත් රාජපක්ෂලාට මදි. ඉතින් මටනම් විලි ලැජ්ජයි. කොච්චර මිනිස්සු පලයන්, පලයන් කියද්දී බලයේ එල්ලී සිටිනවා.”
මාධ්‍යවේදිය – ඔබතුමියට ආරාධනාවක් ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත එන්න කියලා. ඔබතුමියගේ අදහස ?
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත් එන්නට දෙයක් නැහැනේ. මම පක්ෂයේ ඉන්නවා. මම පක්ෂයේ සමාජිකයෙක්. ඒක කාටවත් නැති කරන්න බැහැ. ඒ වාගේම මම පක්ෂයේ යාවජීව අනුශාසකවරයකේ. මම පක්ෂයෙන් අයින්වෙලා නැහැ.
ඒ කියන්නේ. මම හිටියට මගේ තනතුර නැතිකෙරුවා සිරිසේන. දේශපාලන මණ්ඩලයෙන් පැන්නුවා, අත්තනගල්ලේ සංවිධායක ධුරයෙන් මාව පැන්නුවා. පැන්නුවාට සංවිධායක ලෙස මිනිස්සු සලකන්නේ මට. ආපසු එන්න කියන්නේ ඒ ගොල්ලෝ පන්නපු එකට ආපසු එන්නලු. ඇවිල්ලා උදව් කරන්නලු ඒ අයට හදන්න. ඉතින් මම කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් අස්වෙන්නේ නැතුව පක්ෂය හදන්න බැහැ. හදන්න බැරි නම අතගහලා වැඩක් නැහැනේ. ඒ ඉන්න හොරු ටික සියලුදෙනාම අයින්වෙලා ගියට පස්සේ අපි ගිහිල්ලා ලස්සනට පක්ෂය හදලා දෙනවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval