
රාජ්‍ය ඇමැති ධුරයක වැඩ භාර ගත් කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් කිරීමට එම පක්ෂය ඊයේ (12 වැනිදා) තීරණය කළේය.
ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම්වරයකු ලෙස මෙන්ම දඹදෙනිය ආසන සංවිධායකවරයා වශයෙන් ද කටයුතු කළේය. එමෙන් ම හෙතෙම පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකි.
පරණ පුරුදු සෙල්ලමම රාජපක්ෂලා පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
පක්ෂයේ උපලේකම්වරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (12 වැනිදා) පැවැති දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවේ දී ය.
මහලේකම්වරයා මෙසේද කීවේය.
“පාරවල්වලින් හොරා කාපු සල්ලිවලින් දැන් මන්ත්‍රීවරුන් මිලදී ගන්නවා. අපි දන්නෙ නෑ ශාන්ත බණ්ඩාර මහත්තයාට කොච්චර දුන්නද කියලා. හැබැයි වටිනාකමක් එක්ක තමයි ගිහිල්ලා තිබෙන්නේ. ඇමැතිකමක් එක්ක. ඒ නිසා අපි තවදුරටත් ඉවසන්නේ නැහැ. අපි හිතුවේ නැහැ මේ ජනාධිපතිවරයා මේ වගේ වැඩක් කරයි කියලා. හිටපු රාජපක්ෂලා ඒවා කෙරුවා. ඒ අය සල්ලිවලට මිනිස්සු ගත්තා. පක්ෂ දෙකට තුනට කැඩුවා. පරණ පුරුදු ජරා ජීර්ණ රාජපක්ෂ දේශපාලනය නැවත ගෝඨාභය රාජපක්ෂත් කරනවා. මන්ත්‍රීවරු මුදලට අරගෙන 113 හදලා හෙට ඉදලා ජනතාවට මුහුණ දෙන්න බැහැ. මතක තියා ගන්න මේ රාජපක්ෂලත් එක්ක නැවත ආණ්ඩුව හදනවා නම් එ්කට සත පහක උදවුවක් දෙන්න ලෝකේ රටවල් වලට ඉඩ තියන්නෙත් නැහැ. මේ වගේ නින්දිත ආණ්ඩුවක් එක්ක අපිට තවදුරටත් ගනුදෙනු නැහැ. රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ. ඒ වගේම අගමැති විදිහටත් මහින්ද රාජපක්ෂ ඉන්නවා නම් අපි කිසි කෙනෙක් තනතුරු භාර ගන්න සුදානම් නැහැ ඒ කැබිනට් මණ්ඩලයේ.’
Comments
Post a Comment
Your comment will be visible after approval