mahinda-invites-gotagogama

ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අංශය වාර්තා කරයි.


"අද දෙරණ" ට මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන පැවසූ බවත් ඔවුන්ට එම සාකච්ඡාව සඳහා තමා ආරාධනය කරන බවත් දන්වන ලදැයි වාර්තා කර ඇත.
දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින සිට කොළඹ ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය අද පස්වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන අතර ගෝඨාභයට ගෙදර යන්න හා රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියන සටන් පාඨ සහිතව දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.
මෙම කන්ඩායම දේශපාලනයක් නොකරන පිරිසක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් පැහැදිලි අරමුණක් වෙනුවෙන් එක්ව සටන් කරන අයුරක් දිස්වේ.


මෙම ආරාධනය ගැන ප්‍රතිචාරයක් ලබාදුන් අයෙකු ගැන වාර්තා නොවේ.
මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර විසඳාගන්නට හැකි ප්‍රශ්නයක් ඔවුන් ඉදිරිපත් කර නැත. ඔවුන්ගේ විරෝධය මෙම පිරිසට ආණ්ඩුව අතහැර යන ලෙස පමණි.