cement-price-hike

සිමෙන්ති කොට්ටයක මිල අප්‍රේල් 26 සිට තවත් රුපියල් 400කින්  ඉහළ දැමීමට සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.



ඒ අනුව මේ වනවිට රුපියල් 2350ක මිලකට අලෙවි වන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750 දක්වා ඉහළ යනු ඇත.

මේ නිසා සියලු ම ඉදිකිරීම් කටයුතු මාස තුනක කාලයක් සඳහා නවතා දමන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසයි.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන අවස්ථාවක මේ ආකාරයට සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගැනීම ජනතාවට සිදු කරන අසාධාරණයක් බව ද ඔහු පැවසීය.