
කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසළ සිදුවන උද්ඝෝෂණ ක්‍රියාවලිය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත. කෙසේවෙතත් ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ උද්ඝෝෂණයේ නිරත පිරිස් මහජන පීඩාවක් සිදුවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පොලිස් බලතල යටතේ ක්‍රියාත්මක වීමට පොලීසයට හැකියාව තිබෙන බවය. පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත පිරිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගත වී ඇති බවත් පදිකවේදිකාවේ ගමන් ගන්නා පිරිසට එයින් පීඩාවක් සිදු වී ඇති බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval