
මේ වනවිට රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතා රැල්ල මාධ්‍යවේදීන්, පර්යේෂකයන් සහ මෘදුකාංග ඉංජිනේරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් වන ‘වොච් ඩෝග්‘ මගින් විමර්ශනය කරමින් සිටී. ඔවුනට අනුව මාර්තු 30 සිට ඊයේ අප්‍රේල් 19 දක්වා රජයට එරෙහි දින 21 ක් තුළ ස්ථාන 273 ක විරෝධතා සංවිධානයවී තිබේ. ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක වල විරෝධතා සිදුව ඇත.
කෙටියෙන් පවසතොත් රටම විරෝධතා රැල්ලෙන් ඇළලී තිබේ.
නිරන්තරයෙන් වාර්තාවන විරෝධතා ස්ථාන ඔවුන් සජීවීව යාවත්කාල කරන්නටද වෙබ් අඩවි ලිපිනයක් සපයා ඇති අතර ඒ ඔස්සේ සජීවී විරෝධතා සිතියම දැක්වේ.
එම යොමුව පහතින්
https://protests.watchdog.team/heatmap
Comments
Post a Comment
Your comment will be visible after approval