marikkar-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රි S.M මරික්කාර් මාධ්‍ය හමුවක් කැදවා ඔහුගෙ අදහස් දක්වා තිබුණි.එහි ඇති අදහස් කීපයක් මෙසේ දැක්වීය ...

''අද මේ මාධ්‍ය හමුව කැදවන්න හේතුව විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන උනා කියන  වාසුදේව නානායක්කාර මහත්මයා අපේ පක්ෂය සම්බන්ධවත් අපේ පක්ෂයේ නායකයා සම්බන්ධව ඊයේ ප්‍රකාශයක් කරලා තිබ්බා බැසිල් රජපක්ෂ මහත්මයා එක්ක ආණ්ඩුවත් එක්ක සමගිජනබලවේගය ඩීල් එකක් තියෙන නිසා තමයි විශ්වාසභංගය ප්‍රමාද වෙන්නේ විලි රුදාව තියෙනවා දරුවා එළියට එන්නේ නෑ කියලා....



පළමුවෙන්ම කියන්න ඕන මේ විශ්වාසභංගය අත්සන් කරන්න මේ ආණ්ඩුව එළවන්න සටන ආරම්භ කලේ එතුමාලා ආණ්ඩුවේ ඉන්න කාලේම..එතකොට එතුමාලා එළියට ඇවිත් මේ විශ්වාසභංගය ආරම්භ කලාම එතුමා අත්සන් කලේ නෑ...අද මේ මොහොත වෙනකොටත් වාසුදේව නානායක්කාර මහත්මයා මාධ්‍ය ඉදිරියේ ඇවිත් කයිය ගැහුවාට එතුමා විශ්වාසභංගයට අත්සන් කරලා නෑ...ඉස්සෙල්ලා එතුමට කියන්න අත්සන් කරන්න කියලා.මේ දූෂිත කපුටව , ද්විත්ව පුරවැසි කපුටව දැන දැනම පාර්ලිමේන්තුවට ගෙන එන්න විස්සට අත උස්සපු මනුස්සයෙක් තමයි වාසුදේව නානායක්කාර කියන්නේ....මොළ හතක් දාගෙන ආපු කපුටා මේ රටේ ආර්ථිකය කුඩු පට්ටම් කරනවා කියලා දැන දැනත්, හොරකම වංචාව දූෂණයට උඩදෙන බව දැන දැනත් වාසුදේව මහත්මයා 20ට අත ඉස්සුවා...රාජපක්ෂලා එක්ක ඩීල් එක තියෙන්නේ එතුමාට....

1970 මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක එකට පාර්ලිමේන්තුවට ඇවිත් එතුමාලාගේ ගණුදෙනු තියෙන්නේ ඒකයි.ඒ නිසා තමයි විමල් වීරවංශ හා උදය ගම්මන්පිලව අයින් කරලා එතුමව අයින් කලේ නැත්තේ රජපක්ෂලා..ගෝඨාව එලවන්න ඕන කියලා තමයි ජනතාව කියන්නේ.මේ අර්බුදයට වගකියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ පොහොර තහනම ගෙනල්ලා ගොවියව පාරට ඇදලා දැම්මේ කවුද ගෝඨාභය රාජපක්ෂ,  IMF යන එක කපුටා පරක්කු කරනකොට ඒකට අනුමැතිය දුන්නේ කවුද ගෝඨාභය රාජපක්ෂ , උද්දධච්ච විදිහට රට පාලනය කරලා මේ තත්වය ඇති කලේ කවුද ගෝඨාභය රාජපක්ෂ,බඩුමිල ඉහළ යාම විදුලි කප්පාදුවට පෝළිම් වලට වගකියන්න ඕන කවුද ගෝඨාභය රාජපක්ෂ...



ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ යන්න ඕන කියලා කියන්නේ..සල්ලි ට්‍රිලියන ගණන් අච්චු ගහලා උද්දමනය වැඩ වෙනකල් අහක බලන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ,මට සමාවෙන්න කියලාඑයාට යන්න බෑ..ඒ නිසා තමයි සජබ අපි ගෝඨාභය රාජපක්ෂ අයින් කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන එන්නේ..එතකොට ඒ දෝෂාභියෝගයට වාසුදේව නානායක්කාර මහත්තයා පිරිසිදු පුද්ගලයෙක් නම් රජපක්ෂලා එක්ක ඩීල් නැත්තම් ,කපුටත් එක්ක ඩීල් නැත්තම් එතුමා කියන ඕන තැනකට දෝෂාභියෝග පත්‍රය අරං එනවා අත්සන් කරන්න කියලා...විශ්වාස භංගය සම්මත කරනවා කියන එක එක කාරණාවක් අන්තර්වාර පාලනයකට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තව කාරණයක්...ජනතාව ඉල්ලන්නේ මේ දූෂිත රජපක්ෂලා සහ ආණ්ඩුව එළවලා එයා වෙනුවට මෙයා ගෙනල්ලා අරයා ගේන එක නෙවෙයි අන්තර්වාර පාලනයක් ඇතිවිය යුත්තේ ප්‍රධාන කාරණා දෙකකට..



එකක් ඇවිල්ලා දේශපාලනයේ තියෙන මජර ගතිය නැති කරලා දේශපාලන ප්‍රතිසංස්කරණය ගෙන එන්න , 20වෙනි සංශෝධනය අහෝසි කරන්න , විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න , ඒ වගේම ඇමති වරුන්ට නිළ නිවාස පාලනය කරන්න,පාර්ලිමේන්තු සියලු දෙනාම විගණනයට යටත් කරන්න , මෙන්න මේ ප්‍රතිසංස්කරණ ගෙන එන්න මොනදේශපාලන මත තිබ්බත්...ඩොලරය ක්‍රමාණුකූලව අතනොඇරිම නිසා කබ්රාල් වගේ ආර්ථික ඝාතකයෙක් මේක බලෙන් අල්ලන් ඉදලා ලෝකයට සමගාමීව යන්නේ නැතුව බොරු කරපු නිසා අද ඩොලරය 337.82 ට වැඩි වෙලා තියනවා.''