reason-of-mainagogama

මේවන විටත් ගාලුමුවදොර පිටියේ පැවතෙන අරගලය සමඟින් එකතු වී සිටි තරුණයන් දෙදෙනෙකු අරගල භූමියේ අළුත් තොරතුරු ගැන හෙළි කරමින් අපේ ජයග්‍රාහණය ලබා ගන්නකන් අපි මෙතනින් යන්නේ නැහැ ,ගෝටාගෝගම අපි අරලියගහ මන්දිරය දක්වා පුළුල් කලා කියා සිටී - අරගලය භූමියේ සිට තරුණයන් හෙළි කළ කතාව මෙසේය



"ආයුබෝවන් අපි අරලියගහ මන්දිරය ඉදිරිපිටට එන්න තීරණය කලා.ගෝගෝඨාගම අපි අරලියගහ මන්දිරය දක්වා පුළුල් කලා.එකට හේතුව තමයි දවස් ගානක බැලුවා එත් මේ කට්ටිය යන පටක් නැහැ..හැමදාම මෙහෙම කරලත් බැහැ මෙයාලාට ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ.අපි හැමෝටම මෙතන ප්‍රශ්නයක් තියනවා.අපි මෙයලාගේ හැමදෙම බල බල අවුරුදු 74ක් ජිවත් වුනා මේ ආණ්ඩු කරන විදිය බල බල,හොරා කන විදිය බල බල. නමුත් දැන් අවසාන මොහොත වෙද්දී මනුස්සයෙක්ට ජිවත් වෙන්න විදියක් නැහැ,මුලික අවශ්‍යතා ටික ඉටු කරගන්න විදියක් නැහැ.ඇත්තම කියනවා නම් අපි හැමොගෙම හැම හීනයක්ම ගිලිහිලා ,බොඳවෙලා නැත්තටම නැතිවෙලා..ඒ නිසා අපි තීරණය කලා නොනැවතී මෙතනට වෙලා ඉඳගෙන අපේ ජයග්‍රාහණය ලබා ගන්න.

එක ලැබෙනකන් අපි මෙතනින් නොයන්නත් තීරණය කලා.මෙතනකිසිම පක්ෂ භේදයක්, කුල භේදයක්,ජාති භේදයක් නැහැ. මෙතන ඉන්නේ ස්වාධින මිනිස්සු..අපි මේ අරගලය අනිවාර්යෙන්ම දිනනවා.