anura-kumara-speaks

අද දින පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් චෝදනාවක් කරමින් කියා සිටියේ අනුර කුමාර ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී උද්ඝෝෂකයකු රැගෙන යාමක් හසුවීම නිසා පවතින රාජ්‍ය විරෝධී රැල්ල ජවිපෙ නිර්මාණයක් බව හසුවූ බවයි.




ඒ නිසා 75000  ක් පමණ කරන උද්ඝෝෂණ වලට රජය පෙරළිය නොහැකි බවත් ජවිපෙ 88-89 මෙන් ජනතාව බිල්ලට නොදෙන ලෙසත්ය.
එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අනුර කුමාර මහතා පසුව පැමිණ ඊට උත්තර දුන්නේය.
තමා පාර්ලිමේන්තුවෙන් ඉවතට යන අවස්ථාවල ආරක්ෂකයින් කැටුව යන බවත් පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානවලදී ඔවුන් වරින්වර නග්ගාගෙන යාම සිදුවන බවත්ය. එසේ නැංග කෙනා ගැන පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍ය නම් තමා සූදානම් බවත් පසුගියදා බිත්තර ප්‍රහාර සැලසුම් කළ රජය නිසාම මේ ආකාර ආරක්ෂකයින් සූදානම් කරගෙන තිබෙන බවයි. හෙල්මට් දාගෙන ආවේ ඇයිදැයි ඇසූ පැනයට ඔහු කිව්වේ ආරක්ෂකයා වැසිසහිත කාලගුණයේ එසේ සිටියා විය හැකි බවය. අපි නිදැල්ලේ යන් නැහැ. පාරේදී මරපු අය ඕන තරම් ඉන්නවා අපි තමා ආරක්ෂා වෙන්න ඕනෙ..ඔහු කීය.


මෙම අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ රටේ ජනතා බලය බවත් මෙය රජය විසින්ම නිර්මාණය කරගත් ව්‍යසනයක් බවත් ජනතාවගේ ප්‍රතිචාරය හමුවේ දැන් කරකියාගන්න දෙයක්නැතිවූ ආණ්ඩුව අන් අයට චෝදනා කරන බවත් දන්වා සිටියේය.