The-Samagi-Jana-Balawewa-shouts-Go-Home-Gota-in-Parliament

විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක් ආරම්භ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව “ගොඨා ගෝ හෝම්” කියමින් කෑ ගසති.





ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ SJB පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අතර ඇතිවූ උණුසුම් බහින්බස්වීමකින් උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් පසු අද පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබු අතර ඉන් පසු බන්දුල ගුණවර්ධනගේ කතාව අතරතුර මෙම තත්වය ඇති විය.
මෙහිදී සජබ මන්ත්‍රීවරුන් කපුටු කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ලෙස  මෙන්ම ගෝඨා ගෝ හෝම් කියමින් කෑ ගසන ලදි..

කිසිදු හේතුවක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සභාවට දැනුම් දුන්නේය.

SJB පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තුව නැවත වරක් විනාඩි පහකට කල් තබා ඇත.