kuwaits-government-resigns-in-latest-standoff-with-parliament

කුවේට් රජය සිය ඉල්ලා අස්වීම ඊයේ (05දා) දිනයේ එරට ඔටුන්න හිමි ෂෙයික් මෙෂාල් අල්-අහමඩ් අල් සබාහ් වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.



 අගමැති ෂෙයික් සබාස් අල් බලීඩ් අල්-සබාහ්ට එරෙහිව ඉදිරිපත් වීමට නියමිතව තිබූ විශ්වාසභංග ඡන්ද විමසීමට පෙරාතුව මෙලස එම රජය සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත.

කුවේටයේ පාලක එමීර්වරයා විසින් ඔටුන්න හිමි ෂෙයික් මෙල් අල්-අන්මඩි අල්-සබා කුමරු හට සිය බලතල රැසක්ම මේ වනවිට පැවරීම මෙලෙස රජය ඔහු වෙත ඉල්ලා අස්වීම භාරදීමට හේතුව වී තිබේ.



ඒ අනුව වසරක පමණ කාලයක් තුළදී කුවේට රජය ඉල්ලා අස්වූ තෙවැනි අවස්ථාවද මෙය වෙයි. අවසන් වරට කුවේට රජයක් ඉල්ලා අස්වූයේ 2021 නොවැම්බර් මාසයේදීය.

මේ වසර ආරම්භයේ සිටම කුවේටය තුළ අර්බුද පැවැති අතර පෙබරවාරි මාසයේදී කුවේට ආරක්ෂක සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරුන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුවිය.