
ප්රවීණ ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ පළ කර ඇති අදහසක් පහත පරිදිය.
පසුගිය මාසය තුළ අපි ශ්රී ලංකිකයින් එක්ව නිහඬව දුක් වින්දෙමු. සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්යයක් ඇත. අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා.
ඊයේ උද්ඝෝෂණ අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ සහ අසාධාරණ පීඩනයේ ප්රතිඵලයක්.
කිසිවිටෙක ජාති ආගම් කුල භේදයෙන් හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙමු අපි එක මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ අනාගත පරපුර වෙනුවෙන් නැගී සිටිමු.
#WakeUpSriLanka
එය අප ගැන මිස ඔවුන් ගැන නොවේ
සාමකාමීව උද්ඝෝෂණ කරන්න, පොදු දේපළවලට හානි නොකරන්න, කරුණාකර ඔබේ සහෝදර සහෝදරියන්ට හානියක් නොකරන්න. මේක කැරලි ගහන එක ගැන නෙවෙයි. එය නිවැරදි දේ සඳහා ස්ථාවරයක් ගැනීමයි.

Comments
Post a Comment
Your comment will be visible after approval